Tuesday, November 20, 2018

පරිස්සමින්.......!



ඇහිපිය දාර අතරින් සියුම් එලියක් මා පිබිදුවත් මට ඇසිපිය හරින්නට නොහැක. හුස්ම ගැනීම පිටවීම ද කුමක් හෝ වෙනසක් දැනෙන සේම කයේ චලනයක් පවා මට සිතාගැන්මට නොහැක


මම සිහිය එලබාගන්නට වෑයම් කරමි..



මා හට සිදු වූ දෑ මතකයට ගන්නට උත්සහ කරමි..

රාත්‍රිය... වැස්ස..... වේගයෙන් ආ මා....

ඉදිරියෙන් දිස් වූ ඇස් කඩාගෙන ගිය එලියක් ඇරෙන්නට මට කිසිවක් මතක් නැත....


කිසිදු අංග චලනයක් කල නොහැකි අදික පීඩාවක් මා තෙරපමින් තිබේ...

මියැදෙමින් සිටී යැයි සිතූ මට මේ මගේ අවසන් මොහොත දෝ සිතූ අවිනිශ්චිත පීඩාවකින් මට මා තිබූ පීඩාව තවත් තීව්‍ර කරනවා සේ දැනේ. තත්පර කීපයක් තුල මට මෙනෙහි වූ සැම හා සියල්ල අවසන හිත තුල ..


ඇය ........



ඒ වැහිබර රාත්‍රියේ ........


මා සිහි කරමින් සිටි දෙය..... මට ටිකෙන් ටික මතක් වෙයි...

ඔව් එය නැවතත් මට සිහිවෙයි........


එදත් අදුරු වැහි දවසක්....


සීතල හිරිකඩින් හා සීතල සුලගින් මා ගත පීඩා වුවද සිත පිරී ඉතිරුන ප්‍රීතිය

මා ආයාසයෙන් බලා සිටි ඒ සොදුරු නිමිත්ත...,

ඒ අසිරි මල් වැහි යට මැදියමට...

ටිකෙන් ටිකෙන් ලංවන මොහොතක උදා වූ අයුරු...

කටු කොහොලින් වැසී ගත් හිත ඉන් මිදී අදුර පාගා දමා මිදෙන්නට සිනාසෙන්නට පටන් ගත් මොහොත..


කල් දමන්නට නොහැකි කල ඇගේ නොරිසි වූ හැගුමන් වචන මැද බොහෝ බැගෑපත්ව ලද අවසරය මත මා පැමිණි කර්ත්වය නිමා කොට ඇයට එන බව පැවසූ මොහොත...

මා ඉහට උඩ අහසින් සීතල පුන්චි පැතුම් පිණි පොද ඉසිද්දී....


" ඔයා මේ මහ රෑ වැස්සෙ බයික් එකේ ටිකක් දුර ගමන් එනවට මම පොඩ්ඩක් වත් කැමති නැ.

ඒත් මම මේක ඔයාට කියන පලවෙනි වතාවට කියනවා අද... "


"...පරිස්සමින් එන්න..."


ඒ දිනය.... මගේ ඇස් නිරායාසයෙන් තවත් අඩවන් විය

දෙදහස් පහලවක ඉල් මස අට වැනිදාවක.....

රාත්‍රි දහය පසු වී විනාඩි හතට....


නමුත් ඒ වැසි වැටුන අදුරු රෑ පරිස්සම හිමි වූ ඒ මතකයේ සොදුරු නිමේශය අවසන..
මා පරිස්සම් කල පරිස්සම ඒ වනවිට මට අහිමි වී ඇති කල්පනා නිමග්නව ....

සිතමින් වැඩි දුරක් මා නොපැමිණ ඇත...

මාව පරිස්සම් නොවී ඇත.

නැවත යාන්තමින් මදක්  ඇස් විවර කල ප්‍රයත්නය සමග මෙතෙක් ඇසුණු ඉලෙක්ට්‍රෝන නාද වල සංඛ‍යාතය වැඩි උනා සේ දුර්වල සවනත වැටුනු ඇසේ. 

වේගයෙන් පැමිණි කවුරුන් හෝ  අසීරු වෙමින් තිබූ  අශ්වාසය යතාවත් කරන්නට වෙහෙසෙන බව මගේ ගිලිහෙමින් තිබූ මනසට පසක් උනි...
..
..