Friday, February 22, 2019

පෙරනිමිති




රාත්‍රී 7.50 ට කොලඹින් පිටත් වූ මන්දගාමි දුම් රියයි.

දෙහිවල දුම් රියපලින් දුම් රියට පිවිසි ශරීරයෙන් කුඩා වූ වයසක කාන්තාවක් යකඩ කණු අල්ලාගෙන පැමිනෙද්දී
මට වඩා ඇයට ආසන්නයෙ සිටි කවුරුන් හෝ ඇයට ආසනය පිරිනමා ඈත් විය.
දුම් රිය බදට සවි කරන ලද ආසනය මත සිටි මට, හිස් දෙකකට එහායින් ඇයව යන්තමින් පෙනේ....

චෛතසික උසාවියේ වැඩ කටයුතු ආරම්භ වූයේ එතැන් සිටය.
..
..

අවුරුදු 70 පමණ විය හැකි මහලු අම්මා කෙනෙක්.

ඇය යාචිකාවකද.... බොහෝ විට නැත.

4 වන පන්තියේ රෙද්දයකින් හැට්ටයකින් සැරසී ශේෂ වූ කලු සුදු මුහු කොන්ඩය තෙල් ගල්වා සැලකිය යුතු තරමට පිරිසිදුව සිටීම තුලින් ඇය යාචිකාවක්ය යන මතය තරමක් බැහැර කලෙමි.

මා ඒ මහලු අම්මා දෙසට හිත යොමු කිරීමට වූ කාරණාවක් විය..

ඇය සතුව රෙදි අත් බෑගයක් හා තරමක් විශාල ඉටි බෑගයක් තිබුණි.

එලෙසම ඇයගේ අතේ නිසි ආකරයට කඩා එක්කහු කල සුදු සැරයැටිය තුලින්, ඇය තරමක් අසීරුවෙන් පිහිටක් බලාපොරොත්තු වූ හේතුව මා තේරුම් ගතිමි.

වල ගැසී තිබුණු ඇස් කුහර මත සමහරවිට ඇස් ඉවත් කර ඇත.

බලා සිටීමට ලැබුණු දුර නැවතුම් පොලවල් එකකට පමනක් සීමා විය.

ඇය බසින්නය සැරසුනි. පා පුවරුම මත සිටි ඇයගේ මුණුපුරෙක් වයස වන පිරිමි දරුවෙක් ඉදිරිපත් වී අප සැමට ඉගි කලේ... " මම ආත්තම්මාව ප්‍රවේශමෙන් බස්සනම් " ඉගිය අප වෙත පල කරමිනි...

රත්වී බුබුළු දමන්නට එන වතුර සේ සිත තුල වූ මා නොහදුනන සිතුවිලි මා ගත ද යම් අප්‍රාණික බවකට හුරු කෙරුමෙන් පැවතුණි.

දුම් රිය නැවතුම් පොලක අප සියල්ලම නැවත නිශ්චල වනවාත් සමග පිරිමි දරුවාගේ වාරුවෙන් ඇය බැසීමට සැරසුණි.

කෙසේ වෙතත් දෑස නොපෙනෙන අම්මා ගේ පියවර ගැන දෑස ඉලක්ක කර සමබරතාව බිදෙන ඇසිල්ලක තත්ත්පරෙන් ඇය අල්ලා ගැනීමට හැකි වන ආකෘතියක මා කල්පනාකාරිව උන්නෙමි.

පිරිමි දරුවා අසල තිබූ කොන්ක්‍රීට් බන්කුවකට ගෙනගොස් තබනවාත් සමග ඇය සිනාසුනි.

...
...

කල්පනාවෙ අමාරුම හරිය ගැන පෙරනිමිති පහළ විය .

මට ඒ මහලු අම්මාව පැහදිව පෙනුනි. කෙසග මිටි සිරුර වාරු කරනට අතින් ස්පර්ශ කර හදුනා ගන්නා කොන්ක්‍රීට් බංකුව තුල වාඩි වනවාත් සමගම ඒ කලින් කී ලෙස ඈ සිනාසුනි.

එහි ගැබ්ව තිබුනේ නිහතමානි අසරණකම හා අව්‍යාජ ස්තූතිය ය.. ස්තූතියට වඩා ඇයට පිහිට වූ තැනැත්තාට පින් අනුමෝදන් කලා සේ විය හැක.

අතින් එක් බෑගයක් තමුනට දැනෙන සේ සිරුරට ස්පර්ශ කර අනික් බෑගයෙන් ඈ යමක් එලියට ගැත් නමුත් දුම් රිය නැවත ගමන් ඇරබීම හේතුවෙන් එය කුමක්ද කියා මට පැහදිලි වූයේ නැත.

සමහරවිට කෑමට යමක් විය හැක. නැතිනම් ඇය කුමක් හෝ දෛනික වෙලදාමකින් ඉතිරි කරගත්  සොච්චම විය හැක.

ඇයට පිහිටට ඇයගේ දරුවන් හෝ නෑදෑ හිත මිතුරන්... නැති සේය.....

කෙසේ නමුත් කාරණාව එය නොවිණ....

ඇතුලට උබුනු දෑස් වලවල් හා මතකයේ ඇදුණු අකුණු ගා ගිගුරුම් දෙන යමක් නම්.... ඒ මහලු අම්මාගේ අසරණ හිනාව බව හා හිත තුල දුම් රිය  එන්ජිමට වඩා කම්පනය වන්නේ ඒ සංවේදනය බව වැටහුණි.

අත් පය දෑස් අතිශය නිරුපද්‍රිතව මා මුහුණ දෙන අසරණකම් එසේනම් ඇය මුහුණ දෙන අසරණකම් කෙසේ නම් අරුත් ගන්වමිද....?????

ඒ සියල්ල විද දරා ඇය අහිංසකව සිනාසී හිටි අකාරය මට සියුම් නොවූ රිදුමක් විය.

විසිතුරු සමාජයක රුපියලට බලයට රේස් දුවන මහත්වරු හා අතරින් පතර සිටි නෝනලා දැක ... මා හට එක්තරා සිත නිවූ ධරම දේශනාවක කොටසක් මතක් විය.

එනම් කර්මය අසාධාරණ දෙයක් බවත් එය එසේ අසාධාරණ බව සත්වයාට පෙන්වා දීමට මහා උත්තම බුදුවරයන් පහල වන බවය....

සැබවින්ම කර්මය අසාධාරණමය.

මන තුල තවමත් සක්මන් කරමින් තිබූ ඒ සිනහව කුමක් හෝ පෙරනිමිත්තක්ද වග මට සිතාගත නොහැක.

පැවසිය යුතුම කරුණ නම්,

මෙය තවත් එක් කතාවක් නොවන බවය.......