Wednesday, March 6, 2019
නොපිපුණු පොහොට්ටු 🌷 මිණිලි
ඇස් වලට බිම බලන් යන්න කියලා අණ කලත්, ඒක පවත්වා ගන්න හරි අමාරුයි. ඇස් ඉස්සරහට හම්බෙන්නෙ හීන.. එහෙම නැත්නම් බිදිච්ච හීන...
කොහොම උනත් ඒවා පසුපස හැතැප්ම ගාණක් ගිහින් හති වැටුනට පස්සෙ තමයි මතක් වෙන්නෙ...
"....මම ඇවිල්ලා තියෙන දුර කියලා... ..."
හීනය තුල විසූ රස පියවි සිහියට එලබුනු, සැබෑවෙ විරහව විසින් පාගා මරා දමන්නට ගත්වෙන්නෙ තත්ත්පරයෙන් තත්ත්පරයක් වගේ ගොඩක්ම පොඩි කාලයක්....
මට සර් කෙනෙක් කියලා තියෙනවා මතකයි... අපි කාර් එකකට ආසයි නම් අපි පාරෙ යද්දි වැඩිපුරම දකින්නෙ කාර්.
අපි ආස රත්තරං මාල නම්.. අපි දකින්නෙම කාගෙ හරි කරේ තියෙන හෝ සාප්පු වල තියෙන මාල...
එහෙම ගනිද්දි මම දකින්නෙ පුංචි දූ වරුන්ව. හැමෝම මල් වගෙ පුංචි දූ පැටව් උනාට මගේ ඇස් තියාගන්න දූ පැටියගෙ කොන්ඩය දිගයි. ඒ වගේම මම හොයන මොකක් හෝ දෙයක් එයා ගාව තියෙනවා...
මම මොහොතකට අතරමං වෙනවා. මම දන්නවා ඒක. ඒ අතරමං වීම තුල ඇත්තෙ අති සීමිත කාල පරාසයක් තුල මා පැතූ මගේ ලෝකය.. දුකින් අවසන් වන වේදනාවේ උල්පතක් උනත් දැන දැනත් ඒකත් හරියට මධ්‍යසාර වගේ.. නරකයි කියලා දැන දැන ඒකෙ ගිලෙනවා..
මම ආස කලේ කෙලි පැටික්කියකට. ඇය වගේ වත .. ඒ ඇස් ... ඒ බැල්ම... ඇතුලු හැමදේම දායාද වන දෝණියක් ඕනි උනා..
මට මගේ කෙල්ලට හැමදේම දීලා ලස්සන කුමාරිකාවක් වගේ හැමදාම හැඩ බලන්න ආසාවක් තිබ්බා.
අම්මා වගේම අන්දලා ඇය ගාව තියලා බලන් ඉන්න ආසාවක් තිබුනා...
එපමණයි..
යන එන අතරතුර මා ඒ සිහිනය ගෑවී තිබෙන තැන් වල මම නැවතිලා ටිකක් වෙලා බලන් ඉන්නවා. ඇත්තටම කීවොත් බැලෙනවා....
ඒක හැමදාටම වෙයි..
............
නොපිපුණු පොහොට්ටු 🌷
#මිණිලි 💎
.
Subscribe to:
Posts (Atom)