Thursday, May 9, 2019

මන:කල්පිත මල්වැහි (මන්දාකිණි)



මන්දාරම් අහස තාමත් වස්සන කදුලු හරියටම නවත්තලා නෑ. 
පිම්මේ නිවෙස්ව වෙත උණුහුම සොයා ලහි වන වාහන හඩට වඩා මගේ කුඩරෙද්දට හිමින් සීරුවේ වැටෙන සර සර සද්දයට මම මහත් ආදරයෙන් සම වැදිලා උන්නා.
ජනාකීර්ණ කොලඹ නෙළුම් මාවතේ සුපතල සන්නිවේදන පියසෙ දොරටුව අසල ආලෝකයත් අදුරත් ඇති නැති සවස 6.30 ට පමණ.....


අඩිය ආපස්සට අරන් මම නැවතිලා ගොඩක් වෙලා.
දන්නවා, ගෙදර යන්න ගොඩක් පරක්කුවෙලා.
ඒත් මම හිටිය අඩිය එහෙම්මම තියාගෙන කුඩයේ යකඩ දාරය දෙඅතින් තවත් තද කර තව විනාඩි පහක් ඒ මල්වැස්සත්, කොලඹ අහසත් එක්ක කුලුපග වෙන්න හිතුවා.


බාහිරට සීමාවන වේශාලේපන, රක්ත තොල් සායම් දියාරුවී පොලව මතින් අතුරුදහන් කරන අසිරි මල් වැස්ස අස්සෙන්... මම එක රුවක් මවාගන්නට උත්සහ කරනවා. ඒ වතත් ඈතින් පේන විදුලි එලියක් වගේ...
මා හිතෙන් ඇස් වලට... මේ ඇවිල්ලා මේ යනවා.


චුරු චුරුව යට බිමට වැටෙන, වැටී පරවෙන චූටි චූටිම මල්පොකුරු දිහා බලාගෙන...
මම තනියම හිතින්.... යමක් තර්ක කලා..


ඔයා මගේ ඇස් ඉස්සරහට ආවොත් ඒ ඔයාම කියලා මට අදුරගන්න පුලුවන් එකම එක දෙයක් මතකයි....


ඒ මගෙ දිහා බලලා හිනා නොවී හිනා උනු ඔයාගේ රෝසවන් තොල් අසල පොඩ්ඩක් විතර වම් පැත්තට තිබ්බ චූටි උපන් ලපය.


මට විශ්වාසයි. මම ඔයාව ආයේ දකිනවා........


හෙට.. අනිද්දා......???


කියන්න බෑ.. ඒක ඕනිම වෙලාවක් වෙන්න පුලුවන්....


විශ්වාසමද.....???


ඔව්...


එහෙම උත්තර දුන්නෙ මගේ හිතමයි.


ඒ තත්තපරය එනකම්...........................................


සීතල දෙගුණ කරගෙන චූටි බයකුත් එක්ක ලොකු හුස්මක් මුවින් පිටවුනා....
හැබැයි චූටි ම හිනාවකුත් එක්ක....


🍂🍂🍂


කොහේ සිට ඔබ පැමිණි යේ දෝ..
සිහිනයේ රැදුනු 💭👱🏻‍♀️
මගේ ඉරබටු තාරකාවී🌟
ඔබට ලියවෙන නැවුම් කුලුදුල්
ප්‍රේම.............. යි මේ💛


#මන්දාකිණි ☄️


එහෙම නැත්නම් .....

#මන:#කල්පිත #මල්වැහි 🌧🌧