Wednesday, July 31, 2019

නෙත් පියෙන තැන - රජරට අහස යට


ඇතත් තැන තැන එලි‍යක්
පුරා පැතිරෙයි අදුර
මගක් වැරදුන මගියෙකුත් මිස
කොයිද කවුරුවත් අසල
චලනයක් සෙලවුමක් වත් නැති
පාලු වී ගිය මග තොටක
රුවක් මා දුටුවාය පැලූ විට
මගේ හදවත දෙකට...

✍️අමා මදුෂානි ගමගේ

ඒ ඇය අතිත් ලියවුනු විශිෂ්ඨතම කවියක්...
අමා මට අහම්බෙන් හම්බුණ ගොඩක් හොද යෙහෙලියක්. ඇය රජරට විශ්වවිද්යාලයෙන් ඉගෙනුම ලැබූ සොදුරු කවිකාරියක්.
ඇය සේම රජරට අහසට නෑකම් කියන තවත් කෙතරම් සිටීද වග ගැන මා කිසිත් නොපවසා පිලිතුර ඒ අහසටම භාර කරන්නම්.
.
මන්ද මමත් ඒ නොදැක්ක අහසට ආදරය කරන බව මට නොරහසක්...
.
වැව් බැදි රාජ්යයේ විඩාපත් අවරහිරු, මල්වතු ඔයට වැටී රන්වනින් දිදුලවා අවසන, සිහිලැල් ජල දහරේ නෑවී සිසිල් වන්නට හැමදාම ආසාවෙන් කරන තේවාවක් සේ මගේ හිතට මැවුනා.
.
මහම්වෙනාවේ ජය ශ්රී මහ බෝ පත් වල ස්පර්ශයෙන් පින්වත්ව සිහිල් වූ සිසිල් වූ හමන මද නල එක්ක,
මහා අභයගිරි දාගැබ් සමිදු නෙත දකින දුරක,
ඉතා සීරුවෙන් දෙසවනට ඇසෙන නෑසෙන තරමින් වැලිකැට වලට පවා නොරිද්දෙන්න ගලා බහින ඒ මල්වතු ඔය අද්දර,
.
ඒ අවරගිර මල්වතු ඔයේ කිමිදෙනා හැටි බලන්න එකම එක හවස් වරුවක ඉන්න තියේ නම්............
හිතෙනවා ඒක ජීවිතයම නිවන්න පුලුවන් තැනක් කියලා.
............................
.....
නමුත් ප්රාර්ථනා හැමවිටම සඵල විය යුතු බවට නීතී දාමයකට කිසිසේත්ම බැදී නෑ.
.
එලෙසම අයිති නැති රජරට අහස යට මල්වතු ඔය දකින්නට, නොදැකපු මල් වතු ඔයට ඇලුම් කරන්නටද...
ඒ නීතියෙන්ම තහනම් නෑ...
.
එසේනම්.....
ඒ සුන්දර රජරට අහස යට මල්වතු ඔයෙහි සිහිලස ලැබ පණ පෙවූ ඔබේ ඒ වචන වලට, 
..
අයිති නැති රජරට අහසත්...
ඒ සුන්දර මල්වතු ඔයත් වෙනුවෙන්
මගෙන් .....
.
ඇය අතිත් ලියවුනු විශිෂ්ඨතම කවියට කල එකතුවක්...
.
නිහඩවම තබන පියවරට
මගවැරදුම ගුරු එලිය විය
මියැදෙන නෙතට පිණිදිය රැගෙන
අමා වැස්සක පෙර නිමිති විය
.
බිය දැනී මග නැවතී විටෙක
නෙත් කොනින් පසු බැලෙන
වෙහෙස දැනී පොලවට වාරුවුන
තරම් කෙතරම් මං මුලාවුන
.
හුස්ම මා හැරයන දිනයක
මොහොත උදාවුවහොත් සැනෙක
අහස දෙස බලා නෙත් පියන තැන
අවසන සිහිවන්නෙත් නුඹ මය

.
✍️අනුශ්ක මදුශාන්