එක්තරා දිනක සැදෑ වරුවක යශෝදරාවිය, සිද්ධාර්ථයන් සොයා මාලිගාවෙ සදලුතලය වෙත පැමිනෙනවා. සද පායා ඇති දිනක ඒ උඩුමහලේ සදලුතලාවට වී තම බටනලාව සුපුරුදු ලෙස ඉතාම මිහිරෙන් වයමින් සිටි සිද්ධාර්ථයන් දුටු යශෝදරාවිය එයට බාධා නොකර පසුපසෙකින් හිද එය මහත් ආසාවෙන් රසවිදිනවා...
"...ගෝපා ඔබ පැමිණ බොහෝ වේලාද.....?"
".. නෑ නෑ නෑ සිද්ධාර්ථ... මා සමවැදී උන්නා ඔබේ මියුරු වාදනයට...
ඔබ දන්නෙහිද.. මෙතරම් මිහිරියාවක්... එවන් සංගීතයක් මා කෙදිනක වත් විද නෑ. මම එහි සැතපීගෙන උන්නා... ඉතින් නවත්වන්නට එපා. දිගටම වයන්න."
මුව පුරා විහිදුනු සිනාවෙන්ම සිද්ධාර්ථයන් ඇයට කතා කලා.
" එන්න ගෝපා...පැමිණ මෙහි අසුන් ගන්න"
සද එලිය හිමාල කදුවැටියට වැටී විහිදුවන හිත නිවාලන සජීවී මනස්කාන්ත සිතුවම එම අවස්ථාවේ සදලුතලයට මනාව දිස්වුනා.
දෙදෙනාම ඒ දෙස බලා බොහෝ වේලා බලා සිටියා.
" ගෝපා...... ලස්සනයි නේද "
" ඔව්ව්... සිද්ධාර්ථ.... ගොඩක්..."
" ගෝපා මම ඔබෙන් ප්‍රශ්නයක් විමසන්නද.."
" කුමකටද අවසර සිද්ධාර්ථ ..."
ඇයගේ ස්නේහයේ අපරිමිත පරිමාව දත් සිද්ධාර්ථයන් ඇයගෙ නෙත් දෙස බලා නැවත ප්‍රේමයෙන් සිනාසුනා.
" එසේනම් පවසන්න. මෙලොව සත්වයෙකුට ලබන්න පුලුවන් ඉහලම වටිනාම දේ කුමක්ද... මතක තබා ගන්න. ඔබට මම අවස්ථා තුනයි ලබාදෙන්නෙ ...."
සිනාසෙමින්ම එලෙස සිද්ධාර්ථයන් පැනය විමසුවා.
" ආදරය ... ආදරය තමා සත්වයෙක්ට ලබන්න පුලුවන් ඉහලම දායාදය...." යශෝදරාවිය සැනෙන් පිලිතුරු ලබා දුන්නා.
ඇය හා ආදරයෙන්ම සිනාසි
"ඔබගේ පලවෙනි උත්සහය නම් අසාර්ථකයි ගෝපා"
"ම්ම්.... එහෙනම්.. ජීවිතය. සත්වයෙක්ට ජීවිතය තමා වටිනාම දෙය..."
"මෙවරත් ඔබ නිවැරදිම නෑ ගෝපා..."
සිගිත්තියක හඩන ස්වරයෙන්... "අනේ මට පිලිතුරු අපහපු වෙයි සිද්ධාර්ථ. එබැවින් ඔබම පවසන්නකො ඒ පිලිතුර..."
මහා කරුණාවේ ප්‍රතිමූර්තයක් වූ පුන්සදම වන් වත හා නිබදව පැවති සිත් නිවාලන මදහසත් කැටිව ආසනයෙන් මදක් ඉදිරියට පියමැන ගොස් කෙටි වේලාවක්ඒ දිදුලන චන්ද්‍ර මණ්ඩලය දෙස සිද්ධාර්ථයන් බලා සිටියා. ඒ සෞම්‍ය සද දෙසම බලාගෙන තම යශෝදරාවන්ට මෙලෙස පිලිතුරු ලබා දෙනවා.
" ගෝපා... මේ ලොව සත්වයෙක්ට ලබන්න පුලුවන් වටිනාම දෙය ප්‍රඥාව "
_
ශ්‍රී සම්බුද්ධ චරිතාපදානය ඇසුරෙන් නිමැවුනු
ඉන්දියානු ටෙලිකතාවක් ඇසුරෙන්......