Saturday, June 27, 2020

හිස් අහස





ඉඩ ලැබුණු ඉර බහින වෙලාවට මගේ ලෝකය මගේ ලග තියාගෙන ලෝකය උඩම නුඹයි මායි ඔහේ ඇවිද ගියා
 ලස්සනම වෙලාවට කලුවරෙන්  ලෝකය ටිකෙන් ටික වැහෙන හැටි අපේ ඇස් වලින් දැක්කා

අපිට ටිකක් පරක්කු උනාට ප්‍රශ්නයක් තිබුනෙ නෑ නිසාම ඒ ආදරය පිරිච්ව අහසට තරු එක දෙක එනවා දකින්න 
නුඹයි මායි දෙන්නම ගොඩක්  ආසාවෙන් බලන් හිටියා.

මට දැනුනා කලුවරේ තනියෙන් එලියට බහින්නෙ නැති කෙල්ලෙක් මගේ අතේ එල්ලිලා කලුවරට විරිත්තුව හැටි...

බස් එකට ගෙවන රුපියල් දහයට තව දහයක් එකතු කරලා ගන්න රටකජු ගොට්ටෙ කඩදාසිය හැමදාම සාක්කුවෙ 
දාගෙන බෝඩිමට ගේනවා.

එහෙම රටකජු කාපු මුල්ම දවසෙ ඒවා දාලා දුන්නු ගොට්ටෙ කඩදාසියෙ ලියවිලා තියෙන දේවල් තාම ඉදහිට 
අතට අරන් බලනවා

රටකජු විකුණන කෙස් ඉදුණු මාමා උනත් දවස් තුනක් විතර මම තනියෙන් යන කොට නලල රැලි කලත්  එයා පස්සෙ දෙයක් තේරුම් ගන්න ඇතිමම රටකජු කන්නෙ නැතත්  මාමා එක්ක හිනාවෙලා එතන පහු කරනවා.

වෙනදට වඩා මන්දගාමී ඇවිදිල්ලකින් දැන් හැමදාම හවසට මම  කලුවර අහසත් එක්කම යනවා.

පේන තරු කැට එකක් දෙකක් තිබ්බට ඉස්සරට වඩා මට  අහස තුල ලොකු හිස් බවක් දැන් දැනෙනවා...

..

#හිස් අහස ☁