Wednesday, April 19, 2017

අහිමි වූ හිමිකම




පිරිමියෙකුගේ ජීවිතය ආත්මීයව කම්පා කරවන දිනයක් ඇත්නම්, අද මා ද එහි උත්තරීතර හිමිකරුවෙකු වීමට තරම් භාග්‍යවන්ත වීමි......
ප්‍රමාද නොවී කාර්යාලයෙන් පිට වුනත් කාල වේලාවක නිමිත්තක් ගැන අවබෝධයක් නොවූ කල නිවසට පැමිනෙන විට ප්‍රමාද වී තිබිණ.

දහවල් මුහුණු පොතෙන් දුටු යමක්, නිරන්තරයෙන් හිත තුල හොල්මන් කරන්නට වූයේ අකුණු සැර වදින්නාක් මෙනි.

ඇස් පියාගන්නා සැනින් නික්මුනු ඒ අකුණු සැර මොලයටත්, හදවතටත් එක සේ කරන හානිය තවමත් නිමා වී නොමැත.

දිගු හුස්මක් පිට කර මදක් වත් සමනය නොවූ හිසරදය එක්කම ඇග සෝදා ගැනීමට වහා පිටවුනේ, ඇද උඩ වාඩි වී බොහෝ වේලාවක් ගිය වග දැණුන නිසාවෙන්ය.

ප්‍රකෘතිමත් වීමට වෙර දරන වාරයක් පාසා මා නැවත නැවතත් බිමටම සමතලා නොවුනී ද සිතිමි.
නිවැසියන් කෙරෙන් සගවන්නට වෙර දැරූ කුමක් හෝ කොතෙක් දුරට සාර්ථක වූවා දැයි ත් මා නොදනිමි. නමුත් මාගෙ නිදහසට උපරිම සාධාරණයක් ඉටු කරන ඔවුන් අද එය වඩා වටහාගත්තාක් මෙන් මා වෙත හේතු කාරණා විමසීමට නොඒම මා හට අතිශය අස්වැසිල්ලක් විය.

ඇය නමින් සමාධි. මට මුණගැසුනේ අ.පො.ස. උසස් පෙළ කරන අවධියේ.
ඇය මගේ ජීවිතයේ හමුවූ ප්‍රථම ප්‍රේමවන්තිය... එලෙසම නිසැක සුන්දරතම ප්‍රේමය.

ඒ නිසැක සුන්දර වූ ප්‍රේමයට අවුරුදු හතරක් ඉක්මවූවා පමණි ....
ඇයව මා හට අහිමි වන පෙර නිමිති එකින් එක පහල වන්නට වූයේ ඇයගේ දෙමව්පියන් තුල මගේ පවුල් පසුබිම ගැන වූ නොසතුටයි.

කෙසේ හෝ අවසානයේ ප්‍රේමයට තිත තබන්නට සිදු වූයේ, මෙතුවක් පිරික්සා නොකල කේන්ද්‍ර පරික්ශාවෙන් අනතුරුය.


ඇයගේ දෙමාපියන්ට එරෙහි වන්නට ගිය හැම අවස්ථාවකම මම නැවතී ගත් තීරණය හුදෙක් මට පමණක් පීඩා ගෙන දෙන්නක් බවට මනසේ නිදන්ගතව පීඩා ගෙන දෙයි.

නමුත්.. නමුත්.. වෙන් කරනට යමක් ද මා තුල නොපැවති බව මා දනිමි..

මගේ හිතේ කඩාහැලුනු අදෝනාව, කදුලු ලෙසින් ඇගේ නෙතු වලින් එදා වෑහුනු හැටි.....වතුර මලින් වෑහෙන වතුර බිදු අතරින් ඒ මතකයේ සුසුම් පිට වී ගියේය.

සියල්ල මා කාලයට  භාර දුන් අතර කාලය විසින් අද දින එහි තීන්දුව ලබා දුනි.

රාත්‍රි කෑමක් පිලිබද කිසිදු හැගීමක් නොවූ කල එය වසා දමා තනිව සාදා ගත් තේ කෝප්පය රැගෙන  එලියේ අඹ ගහ ගාව බංකුව ගාවට පැමිනියෙමි.


මුලු ලෝකයක් සුව නින්දට එලඹෙන වෙලාවක නින්ද යන වචනය පවා මගේ මනසට නුහුරු වෙලා තිබුනා.

තනිකමට ඉහල අහසෙන් එබුන අව අටවක හඳ මගෙන් කුමක් දෝ විමසනවා.....

...............................
...............................

ඇත්තටම අද ඇය ලස්සනයි. ගොඩක් ලස්සනයි. වචනයෙන් විස්තර කරන්න බැරි තරමට ලස්සනයි.
තම පෙම්වතිය මනාලියක් වී දකින මුල්ම නිමේශය පිරිමියෙකුට ජීවිතයේ මැරනකම් අමතක නොවෙන දෙයක්.

අවාසනාවකට අද මම එය දුටුවේ හිමිකම අහිමි වූ දෑසකින්.......

ඇයගේ ඇස්, සිනහව, ඔසරිය, සැරසූ හිස, මල් කලඹ....... ඇහිපිය විසින් පිස දමන්නට හදන වාරයක් පාසා පෙරට වඩා විද්‍යාමාන වුනා...

ඇය සතුටින් ඇති.. ඇය සතුටින් සිටීවා....

මා හට හිමි වී තිබූ ඇය මා හට අහිමි කරවූ... අද ඇයගේ විවාහ දිනයයි....
මම අවපස සඳ හා ඉකිබිදින මේ සීතල අදුරු රැය, ඇයගේ මධු රාත්‍රියයි......

හඳ දිහා බලාගෙනම තේ උගුරක් බිව්ව්ද එයද වෙනදා මෙන් රස නොවීය...

හද ලස්සනයි. හඳ මගේ නොවුනත්.. කොපමණ දුරක තිබ්බත් හඳ එලිය මගේ ලෝකයට වැටෙනවා නොවෙද.....

ආ මතකෙට යමක්.. හදිස්සියේ මිමිණුනා

ඔබෙ දිවි අරණේ පැතුම් විජිතයේ

මැණික්‌ පහන් වැට දැල්වේවා

මැණික්‌ පහන් වැට දැල්වේවා.......................

_#Anushka

No comments:

Post a Comment