කර්කශව වියැලී ගිනියම් වූ පොලව මත
දා බිදුවක් වැටී සුසුම් ලෑ අඩහැරයෙන්
ඔහු මිනිසෙක්
.
චණඩ හිරු රැස් සෙවණ යට
මහා වෙහෙසකට පත් වී
වේගෙයෙන් හුස්ම ඉහළ පහළ යන අතරතුර
මම ඔහුට එබිකම් කලෙමි
.
මුවින් නොඇසූ ප්‍රශ්නයක් මා වෙතින් කෙසේ දැණුනාද
තාපයෙන් හෙම්බත් වූ මුහුනේ
නමුත්
දිලෙහෙන දෑස් මා දෙස තියුණු කරමින්
කෙල සිදුණු දිවෙන්ම දෙතොල් තෙමා
" ජීවත් වෙන ජීවිත ජීවත් කරවනවා මහත්තයා......"
මා අතැති බෝතලය ඉහලට ඔසවා බැලුවෙමි. ඉතිරි ආසව ප්‍රමාණය තව උපරිම උගුරු තුනකට සෑහෙන බව මට පැහැදිලි විය.
හතරෙන් තුනක් අඩ අදුරේ පැවැති අවන්හල් බිත්තියේ බොදවී පෙනුනු අවතාර ඉවත්කොට ඔරලෝසුව වෙත ඇස් ආයාසයෙන් නාභි ගත කලෙමි.
" සැමුවෙල්.... ආ..... ස..ල්ලි.. තව බෝතලයක් ගේ.....පන් කොහෙන් හරි...."
තත්ත්පර දෙක තුනක් මා දෙස බැලූ සැමුවෙල් නිහැඩියාව බින්දේය.
" සර් දන්නවද වෙලාව කීයද කියලා දැන්...."
" ය......ස් පුතා. අයි නෝ..... අයි නෝ... දොලහ..යි හත.....ලිස් පායි... ඈ..ම් අයි කරෙක්ටි...? පුතා මට ඒ... තරම් වැඩි නෑ... දැක්කනේ.. වෙලාව හරි...යටම කිව්වා...."
" සර් මේ වෙලාවට නෙස්ටර් මහත්තයත් වහලා.. ගන්න තැනක් නෑ.. සර් අපි දැන් යමු...."
වෙලාව මට ගැටලුවක් උනේ නැතත් අනික් මිනිස්සුන්ට එය එදිනෙදා සාධකයක් බව මට වැටහුනේ නැතිය.
මා හට විකල්පයක් නොමැති විය. මොහොතක් කල්පනා කොට.....
" සැමුවෙල් , මේ....ක අරගන්න... මාව වෙනදා තැනට එක්කන් යන්න..."
" සර් අපි ගෙදර..........
" ෂ්ෂ්ෂ්....... මිනිහෝ..... මම කිව්ව.... දේ කරප..න්කො... ආ.. මේක තියාගනින් උබ.."
මා සැමුවෙල් අත ,වොඩ්කා බෝතලයක් ගැනීමට තිබූ මුදල තැබුවෙමි
" මේ මනුස්සයා මැරෙන්න හදනවද මන්දා.........."
මට එය යන්තමින් දෙසවනේ වැකුණේය. සිනාසී මම සැමුවෙල් ඇමතුවෙමි...
" සැමුවෙල් ... සා......තන් ඒ තරම් මට..... කාරුණික නෑ පුතා..."
තව උපරිම පැය දෙකකට අඩු කාලයකින් මගේ සිහිය සම්පූර්‍ණයෙන් යතා තත්ත්වයට පත්වනු නිසැකය. විකල්පයක් නැති කල ඉතිරි වූ වොඩ්කා උගුරු දෙකත් කැටිව මා අදුරු අවන්හලෙන් පිටවුනෙමි.
ලැනිඩි තොටුපල ඇයගෙන් මා දිවිය පිදුම් ලත් මා ජීවිතයේ සොදුරුම ස්ථානය. නින්ද නොයෑමේ පීඩිත රෝගියෙක්ව සිටින මෙමට රාත්‍රී ඒ මහා කටුකත්වය විනාශ කර දැමීමට මට පිහිටට සිටින එකම ගලවුම්කරු මධු විත පමනි. අද එයත් මා හට ප්‍රමාණවත් ලෙස නො සැකසුණි.
එවන් අවස්තා වලදී මම එලිසා හා කතා කරන්නට ලැනිඩි තොටුපලට ඒම මගේ සුපුරුද්දක් කොට ගෙන තිබුණි.
" සැමුවෙල් හෙට.... උදේ ....එන්න. මම ජී.....වතුන් අත..ර නොහිටියො....ත්...... මා.....ව ගගටම වී..සි කර..පන්..."
මුකුත් නොකියා අශ්ව කරත්තය රැගත් සැමුවෙල් පිටවිය.
ලෑලි වේදිකාව මතින් සෙමින් ඉදිරියට දෙපා යොමවා මා හට හුරු වූ කනුවක් අසල බිමින් හිද ගතිමි..
ගං දිය පහස රැගෙන ඇගේ දැවටුනු සීතල සුලන් ධාරා වලින් උණුසුම රැක ගනු වස් දුබල වූ ජැකැට්ටුව තවත් තදින් ඇගට තද කර ගතිමි.
වෙනදාට වඩා එලිය අඩුවූ අහස් කුස මත මම යමක් පිරික්සුවෙමි.
" එලිසා ... අ..ද හද... නෑ.... ඔයා.... යි.. මා යි විත ..රයි..."
මහත් ප්‍රවේශමෙන් වීදුරු බෝතලය පසෙකින් තබා මම ඈත ගංදියට නෙත් යොමුවෙමි.....
" එලිසා........ ඔයා.... කව...ද්ද මා....ව ඔ...යා ගා....වට ග..න්නේ......" මෙතන...දි නේ.....ද එලිසා ඔ...යා මගේ දිවි ඇති තෙක්..... ලග ඉන්නවා.... කියලා පොරොන්දු..... උනේ ...
ඒ.ත් ඔයා........ පොරොන්දු.... කැඩුවා....... එලිසා ...."
එ...ලි..............සා
ඔයා පොරොන්දු කැඩුවා..."
ගනදුර අතරින් මට එලිසාගේ මුහුන මැවෙන්නට විය.
.......
" ඉවාන් ඔයා ජීවත් වෙන්න ඕනි........ඉවාන්.... ඔයා ජීවත් වෙන්න ඕනි මයි...."
එලිසා මියයන්නට ටික වේලාවකට කලින් මා හට පැවසූ දෙය මගේ දෑස අභිමුව පිලිරූ වන්නට විය....
" එලිසා...... මම... මේ... ජීවත්වෙනවාද...........කියන්න.... එලීසා ...කියන්න.........."
පරිසරය සීතලෙන් මුසපත් වුවද මා හිත අභ්‍යන්තරය නිරන්තරයෙන් සක්‍රීය වූ ගිනිදියෙන් කැකෑරුනි.
මම නැවත වොඩ්කා බෝතලය දෙස හැරුනෙමි.....
එය නිමා කරනට කාලය පැමිණ ඇත....
....