Tuesday, December 25, 2018

පහන් ලන්තෑරුම්




ඉරිතැලුණු තණපිඩලි ඉකිබිදිනු ඇසුනිද නෑසුනාක් මෙන් මා වටා කැරකෙන සෙවනැලි රටා තුලින් දෑස භාවනාවෙන් ඉවත් කොට හිස මදක් එසවිමී.

මෙවරත් නත්තලට සැරසෙන ගහකොළ සේම අහසට දළු ලන කොන්ක්‍රීට් බිත්ති මත දිදුලන දැල්වුනු විදුලි එලි සුරපුරයකට සාදරයෙන් පිලිගැනීමක් සේම දිස්විය.

දෙනෝදාහක ගංගාව තුලට එක්වී මමද මදක් අසීරුවෙන් ඉදිරියට ඇදුනෙමි.

අහස සරන්නට පෙර සූදානම් වන පහන් එලි දැලිවීමට ආරම්භ වී තිබුනි. පහනක් මා අත නොමැති වූවත් තණ පිඩලි මත බිමින් හිද ඒ අහස දෙස බැලීමට පමණක් මා සිතා ආවෙමි. මට අවැසි වූයේ එය පමණක් ද වග ද අවිනිශ්චිතය.

කරදිය තල සිප පැමිණ සියොලගම තුරුල් වන සීතල කැටි සුලං ධාරාවන් සියුම් හඩකින් කනට කොදුරා ගායනා කෙරූ සොදුරු අදෝනාවෙ රසය ඈත ක්ශිතිජයත් සයුරත් තුල මා මදකට සෙවූ වෙමි... එය සුන්දරය..... මහත් සුන්දරය

තවත් ගත්වූ විනාඩි දෙක තුනක කාලය තුල බැලූ බැලූ අත අහසට නික්මෙන්නට ඉඩ හොයන පහන් එලි වලින් බිම ආලෝකමත් වී තිබිණි.

දණ නවාගෙන මා ආයාසයෙන් පහන නිවෙන්නට නොදී වා පිරී ඉතිරී අවසන සිනාවෙන් අත ගස්වා අභිසෙස් ගත් එය මුදාහල අයුරු..... හරියටම අවුරුද්දක පෙර ....

ඒ අවුරුද්ද ගතවී අද ඒ කොළඹ අහස යට ගාලු මුවදොර තුල නැවතත් ඒ සොදුරු මොහොත උදාවිය.

පැතුම් පොදි ගත් පහන් ලන්තෑරුම් එකින් එක අහසට නික්මී ඈතින් ඈතට පාව යමින් තිබුණි....

ඒ සොදුරු දසුන තුල දෑස යොමා හිත ගිල්වා මාද සිනාසී සැනසුනෙමි.

ඒ අහස තුල මා මද වේලාවක් සැරිසරා........ සුසුමකින් දැහැන බිද මා නැවත යාමට සැරසුනෙමි.

කලින් අවුරුද්ද මෙන් අහස් එලිය නොවුනද ඒ සුන්දර අහස තුල පැල් බැදගත් එක් පහන් ලන්තෑරුමක් දෙස අවසන් වරට බැලුවෙමි...

"ලබන අවුරුද්දෙත් එන්නම්..........."

Tuesday, November 20, 2018

පරිස්සමින්.......!



ඇහිපිය දාර අතරින් සියුම් එලියක් මා පිබිදුවත් මට ඇසිපිය හරින්නට නොහැක. හුස්ම ගැනීම පිටවීම ද කුමක් හෝ වෙනසක් දැනෙන සේම කයේ චලනයක් පවා මට සිතාගැන්මට නොහැක


මම සිහිය එලබාගන්නට වෑයම් කරමි..



මා හට සිදු වූ දෑ මතකයට ගන්නට උත්සහ කරමි..

රාත්‍රිය... වැස්ස..... වේගයෙන් ආ මා....

ඉදිරියෙන් දිස් වූ ඇස් කඩාගෙන ගිය එලියක් ඇරෙන්නට මට කිසිවක් මතක් නැත....


කිසිදු අංග චලනයක් කල නොහැකි අදික පීඩාවක් මා තෙරපමින් තිබේ...

මියැදෙමින් සිටී යැයි සිතූ මට මේ මගේ අවසන් මොහොත දෝ සිතූ අවිනිශ්චිත පීඩාවකින් මට මා තිබූ පීඩාව තවත් තීව්‍ර කරනවා සේ දැනේ. තත්පර කීපයක් තුල මට මෙනෙහි වූ සැම හා සියල්ල අවසන හිත තුල ..


ඇය ........



ඒ වැහිබර රාත්‍රියේ ........


මා සිහි කරමින් සිටි දෙය..... මට ටිකෙන් ටික මතක් වෙයි...

ඔව් එය නැවතත් මට සිහිවෙයි........


එදත් අදුරු වැහි දවසක්....


සීතල හිරිකඩින් හා සීතල සුලගින් මා ගත පීඩා වුවද සිත පිරී ඉතිරුන ප්‍රීතිය

මා ආයාසයෙන් බලා සිටි ඒ සොදුරු නිමිත්ත...,

ඒ අසිරි මල් වැහි යට මැදියමට...

ටිකෙන් ටිකෙන් ලංවන මොහොතක උදා වූ අයුරු...

කටු කොහොලින් වැසී ගත් හිත ඉන් මිදී අදුර පාගා දමා මිදෙන්නට සිනාසෙන්නට පටන් ගත් මොහොත..


කල් දමන්නට නොහැකි කල ඇගේ නොරිසි වූ හැගුමන් වචන මැද බොහෝ බැගෑපත්ව ලද අවසරය මත මා පැමිණි කර්ත්වය නිමා කොට ඇයට එන බව පැවසූ මොහොත...

මා ඉහට උඩ අහසින් සීතල පුන්චි පැතුම් පිණි පොද ඉසිද්දී....


" ඔයා මේ මහ රෑ වැස්සෙ බයික් එකේ ටිකක් දුර ගමන් එනවට මම පොඩ්ඩක් වත් කැමති නැ.

ඒත් මම මේක ඔයාට කියන පලවෙනි වතාවට කියනවා අද... "


"...පරිස්සමින් එන්න..."


ඒ දිනය.... මගේ ඇස් නිරායාසයෙන් තවත් අඩවන් විය

දෙදහස් පහලවක ඉල් මස අට වැනිදාවක.....

රාත්‍රි දහය පසු වී විනාඩි හතට....


නමුත් ඒ වැසි වැටුන අදුරු රෑ පරිස්සම හිමි වූ ඒ මතකයේ සොදුරු නිමේශය අවසන..
මා පරිස්සම් කල පරිස්සම ඒ වනවිට මට අහිමි වී ඇති කල්පනා නිමග්නව ....

සිතමින් වැඩි දුරක් මා නොපැමිණ ඇත...

මාව පරිස්සම් නොවී ඇත.

නැවත යාන්තමින් මදක්  ඇස් විවර කල ප්‍රයත්නය සමග මෙතෙක් ඇසුණු ඉලෙක්ට්‍රෝන නාද වල සංඛ‍යාතය වැඩි උනා සේ දුර්වල සවනත වැටුනු ඇසේ. 

වේගයෙන් පැමිණි කවුරුන් හෝ  අසීරු වෙමින් තිබූ  අශ්වාසය යතාවත් කරන්නට වෙහෙසෙන බව මගේ ගිලිහෙමින් තිබූ මනසට පසක් උනි...
..
..

Monday, September 24, 2018

බිනර සද


පිණි දිය වුවත් වැහි බිදු තරමට
කාෂ්ටක පොලව මතට
රෑ තරු කැට තුලින් වෑහෙන පිරිත් පැන් සේ
"මට පෙනුනේ නුඹම විතරද...."

හිතත් එක්ක ගණුදෙනු කරන මගේ ඇස් වුනත්
දෙනෝදාහක් මැද්දක
එක ඉරියව්වක ඒ මේ අත දිවයද්දි
"ඒ නුඹව මතක් වෙන වෙලාවට...."

ඒක තාමත් බිදින්න බැරි වුණ හා බිදින්න බැරි වෙන
" ඇබ්බැහි වීමක් "



බිනර පිණි බිදු වැටෙන්නට
සීතලට මුහුම් වී
ගිම්හානයේ නැවතුම
හෙට දින විය හැක
නපුරු කාලයේ නිමාව

" මා "
සෙවනැලි නොමැති ඉමක.....

.
.

අදුරු සීතලද
චණ්ඩ රස්නයද
එහි මුසුවක්ද
කම් නැත කිසි
ඒ ජීවයේ අරුණලු දැන් මේ දැන්
නැගේ යැයි


" මම "

දෑස් දල්වාගෙන බලා සිටිමි.......
.

..
..

Thursday, July 26, 2018

මාරයාගේ ගින්දර






මහ මුහුද විසින් ප්‍රතික්ෂේප කල දිරා ගිය කොටය මත වාඩි වී බොහෝ වේලා ගත වුනිද

මා සිත තවමත් නිවෙමින් නොපැවතුණි පෙනෙනා දුරින් මේ සියල්ලම අවසන් වේ යැයි සිතුවමුත්, ප්‍රාර්ථනා කල මුත්, ඒ සියල්ල දුර ඈත පෙනෙනා
ක්ෂිතිජය මෙන් එක්තරා අදිසි මායාවක් බව ප්‍රත්‍යක්ශ ලෙසම මා හට අවබෝධ විය. පෘථග්ජන මනසකට අට ලෝ දමට කම්පා නොවී සිටීමට තව බොහෝ දුරක් යා යුතු බව
මා තව තවත් තව තවත් වටහා ගත යුතුමය. නමුත් මුහුදු රළ නිමා නොවනා සේම, නොනිමක්ව නැගී මතුවී විසිරෙන පීඩිත කාරණා යටපත් කිරිම ඇතැම් අවස්තාවන්දී මදක් අසීරු දෙයක් බව තරයේ මතක තබා ගත යුතුමය. සැන්දෑ වරුවක රළ බිදෙන හඩ අහන්නට මේ ඉසව්වට එන අවසන් වර යැයි සිතා පැමිණියද...
පීඩාවක් ගෙන දේ යැයි අනුමාන කල කාරණා ඒ තරම් තදින් පපුව තුල ගර්ජනා නොකිරීම ගැන මහත් සතුටක් ඇතිවුණි. මගේ හිත ගැන දැනගෙනද මන්දා මූදු හුලගට වැටෙන්නට පුලුවන් පොඩිම කරදිය බිදු පොඩිත් අරන් වරින් වර මා සියොලගම සිපගත් සැනසීම සයුර මා හට කරන අනුකම්පාවක් සේ මට හැගිනි...
…........................

දෙනෙතට සුපැහැදිලි දුරකින් වර්ණවත් අයිස් පලමක් ගත් පුංචි දගකාරයෙක්
තම දෙමව්පියන්ගේ දෑතට අසුවන මානයේ සිට මුහුදු රළ පෑගෙන නොපෑගෙන සීමාවක
ඔහුගේම දගකාර ලෝකයක කෑ ගසමින් ප්‍රීතියෙන් සිටියේය.

අවුරුදු දෙකක් හෝ දෙක හමාරක් විය හැකි යැයි අනුමාන කල හැකි සිගිත්තාට කාගේ වුවද නෙත් ඇදගැනීමේ
හුරුබුහුටි කමක් තිබුනේය.එනම් අපේ වචනෙන් "හරිම හුරතල්".
පුතු පැටියාගේ දගකාරකමට ඔහුගේ අම්මාටද ආදරණීය දඩුවමක් ලෙස ඇදුම් බොහෝ සෙයින්
මුහුදු වතුරට තෙත් කරගැනීමට සිදු වන බව ඇය කලින්ම දැන සිටියා විය හැක.
මන්ද ඇය පුතු හා විනෝද වූයේ ඇදුම් තෙත්බරිත වීම පිලිබද කිසිදු හිත් අමනාපයකින් නොවන බව ඉදුරාම පැවසිය හැක.
ඇය පුතු පැටියාගේ දගකාරකම් විදිමින් ඔහු හා එක්ව වැලි සෙල්ලම් කරමින් සිටියේ අප්‍රමාණ සතුටකිනි.


මේ දෙදෙනාම දිහා වඩාත් ආදරයෙන් හා සුපරික්ශාකාරීව බලා සිටි තාත්තාගේ මදකින් හෝ අඩු නොවන
නිරන්තර අව්‍යාජ සිනාවක් වත මඩල එලිය කර තිබුණි.
අම්මාටත් පුතාටත් රිසි සේ සතුටු වීමට පිලිවෙත් සකසා ඒ දෙස රජෙක් මෙන් සතුටින් බලා සිටියා විය හැක.
එසේත් නැතිනම්.... ආදරණීය රජෙක් තම ආදරණීයම ලොව දෙස බලා සිටියා යැයි පැවසීම වඩාත් උචිතය.


නමුත් වරින් වර "අප්පච්චී..." කියාගෙන දුව විත් කුමක් හෝ පවසා පිය දෑතට තුරුලු වූ කල ඔහු
සිය පුතුව සිප දෑතින් ගෙන ඉහලට ඔසවා සතුටු කර මුහුදු රල පෑගුමට ආරක්ශාකාරිව එක්ක ගිය වාරද මා දුටිමි.


මා ද ඒ පුතු පැටියාගේ  මායා බන්ධනයට අසුවූ බොහෝ වේලා හිතේ උපන් ආදරයත් කැටිව බලා සිටියෙමි..
සමස්ථය ඒ ආදරණීය පවුල දිහා බලා සිත ඔවුන් තුල ගිල්වා තැබුවෙමි.
මා කලාතුරකින් මෙවන් ආදරණීය පවුල් දැක ඇති නමුදු
මෙහිදීම අද එලෙස දැකීම යම් තාක් හිත සලිත කල කාරණාවක් විය.
…........................

මට මදක් මෑතකින් එකිනෙකට නොස්පර්ශ නොවී සිටි පෙම්වතුන් යුවලක්
ඒ දෙස ඇස් නොපියා බලා සිටි අයුරුත් මා බලා සිටියෙමි.
පෙම්වතිය ඇයගේ පෙම්වතාගේ අත තදින් මිරිකා සිනාසී ඔහු දෙස බලා ඉගියක් දුනි. ඒ වචන රහිත සන්නිවේදනයි.
පෙම්වතාද දෑස් දල්වා බලා සිට සිනාසී එම නිර්වාචික ඉගිය අනුමත කරන ලද්දේ ඊට අභිනයක් ද එක්කරමිනි.
ඒ ඔවුන් එක පියසකට එකතු වීමේ හීනය තුල සමාධි ගත ව එකිනෙකාගේ මුහුණ දෙස ආදරණීයව බැලූ අයුරුත්,
පෙම්වතා පෙම්වතියගේ හිස ආදරණීයව සිප ගත් අයුරුත් මා දුටිමි.


බැලූ බැල්මට මතුපිටින් ප්‍රිය වූ සුන්දරත්වයකින් සමන්විත වූ නමුදු පෙම්වතිය පෙම්වතාට වඩා
යම් තාක් නේක සාධක තුලින් උසස් හා වෙනස් පැළැන්තියක බව සත්‍යයකි.


නමුත්  වරින් වර තම ජංගම දුරකතනය තුල කිමිදුනු පෙම්වතියගේ හිස අතගාන පෙම්වතාගේ
දෑස රැදී තිබුනේ ඈත ක්ශිතිජය තුලය. ඔහු ඒ අනන්ත අහසත් සයුරත් එකතු වන තැන කිමිදුනා විය හැකිය.
කලාතුරකින් ඇයගෙන යොමු වූ ගැටලුවකට අහිංසකව සිනාසී සියුම් ග්‍රහණයෙන් සිර කරගෙන තිබූ
සියුමැලි දෑතසිප ගෙන තවත් ස්පර්ශය ත්‍රීව කලේය....
ඔහුගේ දෑස මත කුමක් හෝ විශාල අදිටනක් ලියවී තිබුණි....
…........................

මම තවදුරටත් පලක් නැති දැක්මෙන් අවදිව දෑස් නැවතත් ක්ෂිතිජය දෙස නාභිගත කලෙමි.
මා ප්‍රිය සැදෑ කලුවර කුර ගගා පැමිනෙමින් තිබුණි.


සියලු දේ එකතු කර බැලූ කල අවසානයේ මා හට ඉතිරි වූ කාරනා තුනකි.
එනම් ආදරයත්, අහසත්, මාරයාත් පමණි.
මේ තුන්වන කාරණාව මේ මොහොතේ දෙවැන්නකට එකතු කල අලුත් කාරණාවක් විය.
මන්ද එය සිහි වූයේ බැස යන චණ්ඩ හිරුගේ දෑත් වන් පෙරඹරට විහිදී තිබූ විහිදුම් යුගලය නිසාවෙනි.


මාරයා මා හට දෑත් දිගු කරනවා වැනිය
මට සිනා පහල විය. මම හිතින් මිමිණුවෙමි...
" මම දැන්ම සූදානම් නෑ. තව ටික කාලයක් අවැසිය. ඒ මා බැදීම් වෙනුවෙන්.
ඔබට ඒ කල තුල තවත් උත්සහවත් විය හැක. ඒ මා පරාද වූ තැනින් නැවත මා අත් හල දෙය අහුලා දීමට.
නමුත් දිගු කල ඔබේ දෑතට අසු නොවන සීමාවද එයම වනු ඇත......."


ගින්දර හා සෙල්ලම් කරන විට එය නොදැනුනේ යම් සේද එයින් දැවෙද්දී එය හදුනා ගතිමි.

එය මාරයාගේ ගින්දර වේමය.


දෙපා වාරු නැතිව වැටෙන්නට ගියද, දෙපා සීරී තුවාල වී රුධිරය වෑහුනද,
මා ප්‍රවේශමෙන් ආරක්ෂා කල යම් දෙයක් වේද මා එය ඔබටම භාර ගන්න ලෙස මාරයාට ආරාධනා කලෙමි.
දෙපා වාරු නැතිව වැටෙන්නට ගිය විට මා එලෙස වැටෙන්නට නොදී ආරක්ෂා කල
යමක් වේද මා පසු පස හැරී එදෙස බලා ආදරණීයව සිනාසුනෙමි.


ඈතින් තරු කැට දෙක තුනක් පායා ඇත. අනන්ත විශ්වයක් සේ මා හුස්ම සිදෙනා තෙක්
මාගේ ලෝකය ඒ සදාදරණීය අහස වනු ඇත...
........................

කරදිය සුලගින් සමුගැනීමට වෙලාව පැමිණ තිබුනි.


දුර්වර්‍ණව යම් තාක් අබලන් වූ හෙල්මටය ගෙන නැගිටිද්දි මෑතින් සුපුරුදු වූ බංකුව මතට
මෙවර නම් සැබෑ ලෙසම පෙම්වතුන් යුවලක් පැමිණ තිබුනු අතර,
ක්ශනයෙන් මගේ දැස් මා සිතන්නටත් පෙර මටත් නොකියා ඔවුන් වෙත පතිත වුයේ
හිතේ ජනිත වූ තිගැස්මට විය යුතුය.


කෙසේ වුවත් ඔවුන් ඉදිරියෙන් මාගේ රෝද යුගලයේ රථයට යා යුතුව තිබුණි.
ඒ ගමන් කල අඩි දහය තුල මා හිත මදක් කම්පා වීම නොවැලැක්විය හැකි දෙයක් බව මා මේ මොහොතේ සිතමි.
ඔවුන් හා ආසන්නතම දුරකදී පෙම්වතා මා හා නිහතමානීව සිනා සුනද,
ඔහුගේ පෙම්වතිය තුල තිබූ ඉහල සිත් පැලැන්තිය දෝ වැනි හැගීමක් නිසා මා දෙස දේවේශ බැල්මක් හෙලීය.


මා කිසිත් නොසිතා ඔවුන් පසු කරද... මා හට නැවත හැරී බැලීමට සිතුනේ ඇයි නොදනිමි.
එම පෙම්වතා තුලින් මම මා දුටුවාද යන හැගීමක් විය හැක.

නමුත්, කිසිවිටකත් ඔහු මා වැන්නෙකු නොවේවා සිතුවිල්ල තුල මා ඇසි පියවින.


නැවත මා හැරී බැලූ තත්ත්පර පහක පමණ කාල පරාසය තුලද ඔහු ද එම මොහොතේම මා දිහා බලා සිටියේය.

මා තුලින් එම වචන රහිත සන්නිවේදනය ඔහු වෙත ද ගමන් කරන්නට ඇත.


" මල්ලි.... පරිස්සමෙන් ... කල්පනාවෙන්.....!
…........................
….........

Anushka Madushan


26th July 2018





Wednesday, January 10, 2018

මලගිය ඇත්තා


අදුරෙන් මිදෙන්නට දරණ වෑයම්
අදුරටම සේදී මියැදුනා
අනර්ථ වූ නැගුණු දා බිදු
සේදී සිසිල් වී වියැකුණා......
.........
නමුත් අවසන
අදුර සදක් ලෙස ලෙස පෙණුනු මොහොතක පටන්
අදුරටම මා පෙම් බැන්දා
....
....
මා නැවත ඔබ වෙත පැමිණියා 🍂🍂🍂
.....
.....


"නුබ නොදැක ගෙවුණු කල පටන්
අද දකින මොහොත තෙක්.....
.
මා කෙසේ නම් මියැදෙන්නට ඇතිද
මා නොදනිමි
..
ඝනදුරේ සිට මා බලා සිටිමි
...
නුබේ දෙපා ලග
නුබට නොදැනෙන්නට




ගිනි මද්දහන යට

කර්කශව වියැලී ගිනියම් වූ පොලව මත
දා බිදුවක් වැටී සුසුම් ලෑ අඩහැරයෙන්
ඔහු මිනිසෙක්
.
චණඩ හිරු රැස් සෙවණ යට
මහා වෙහෙසකට පත් වී
වේගෙයෙන් හුස්ම ඉහළ පහළ යන අතරතුර
මම ඔහුට එබිකම් කලෙමි
.
මුවින් නොඇසූ ප්‍රශ්නයක් මා වෙතින් කෙසේ දැණුනාද
තාපයෙන් හෙම්බත් වූ මුහුනේ
නමුත්
දිලෙහෙන දෑස් මා දෙස තියුණු කරමින්
කෙල සිදුණු දිවෙන්ම දෙතොල් තෙමා

" ජීවත් වෙන ජීවිත ජීවත් කරවනවා මහත්තයා......"



එලිසා




මා අතැති බෝතලය ඉහලට ඔසවා බැලුවෙමි. ඉතිරි ආසව ප්‍රමාණය තව උපරිම උගුරු තුනකට සෑහෙන බව මට පැහැදිලි විය.

හතරෙන් තුනක් අඩ අදුරේ පැවැති අවන්හල් බිත්තියේ බොදවී පෙනුනු අවතාර ඉවත්කොට ඔරලෝසුව වෙත ඇස් ආයාසයෙන් නාභි ගත කලෙමි.


" සැමුවෙල්.... ආ..... ස..ල්ලි.. තව බෝතලයක් ගේ.....පන් කොහෙන් හරි...."


තත්ත්පර දෙක තුනක් මා දෙස බැලූ සැමුවෙල් නිහැඩියාව බින්දේය.

" සර් දන්නවද වෙලාව කීයද කියලා දැන්...."


" ය......ස් පුතා. අයි නෝ..... අයි නෝ... දොලහ..යි හත.....ලිස් පායි... ඈ..ම් අයි කරෙක්ටි...? පුතා මට ඒ... තරම් වැඩි නෑ... දැක්කනේ.. වෙලාව හරි...යටම කිව්වා...."


" සර් මේ වෙලාවට නෙස්ටර් මහත්තයත් වහලා.. ගන්න තැනක් නෑ.. සර් අපි දැන් යමු...."


වෙලාව මට ගැටලුවක් උනේ නැතත් අනික් මිනිස්සුන්ට එය එදිනෙදා සාධකයක් බව මට වැටහුනේ නැතිය.

මා හට විකල්පයක් නොමැති විය. මොහොතක් කල්පනා කොට.....


" සැමුවෙල් , මේ....ක අරගන්න... මාව වෙනදා තැනට එක්කන් යන්න..."


" සර් අපි ගෙදර..........


" ෂ්ෂ්ෂ්....... මිනිහෝ..... මම කිව්ව.... දේ කරප..න්කො... ආ.. මේක තියාගනින් උබ.."

මා සැමුවෙල් අත ,වොඩ්කා බෝතලයක් ගැනීමට තිබූ මුදල තැබුවෙමි


" මේ මනුස්සයා මැරෙන්න හදනවද මන්දා.........."

මට එය යන්තමින් දෙසවනේ වැකුණේය. සිනාසී මම සැමුවෙල් ඇමතුවෙමි...


" සැමුවෙල් ... සා......තන් ඒ තරම් මට..... කාරුණික නෑ පුතා..."


තව උපරිම පැය දෙකකට අඩු කාලයකින් මගේ සිහිය සම්පූර්‍ණයෙන් යතා තත්ත්වයට පත්වනු නිසැකය. විකල්පයක් නැති කල ඉතිරි වූ වොඩ්කා උගුරු දෙකත් කැටිව මා අදුරු අවන්හලෙන් පිටවුනෙමි.


ලැනිඩි තොටුපල ඇයගෙන් මා දිවිය පිදුම් ලත් මා ජීවිතයේ සොදුරුම ස්ථානය. නින්ද නොයෑමේ පීඩිත රෝගියෙක්ව සිටින මෙමට රාත්‍රී ඒ මහා කටුකත්වය විනාශ කර දැමීමට මට පිහිටට සිටින එකම ගලවුම්කරු මධු විත පමනි. අද එයත් මා හට ප්‍රමාණවත් ලෙස නො සැකසුණි.

එවන් අවස්තා වලදී මම එලිසා හා කතා කරන්නට ලැනිඩි තොටුපලට ඒම මගේ සුපුරුද්දක් කොට ගෙන තිබුණි.


" සැමුවෙල් හෙට.... උදේ ....එන්න. මම ජී.....වතුන් අත..ර නොහිටියො....ත්...... මා.....ව ගගටම වී..සි කර..පන්..."

මුකුත් නොකියා අශ්ව කරත්තය රැගත් සැමුවෙල් පිටවිය.


ලෑලි වේදිකාව මතින් සෙමින් ඉදිරියට දෙපා යොමවා මා හට හුරු වූ කනුවක් අසල බිමින් හිද ගතිමි..


ගං දිය පහස රැගෙන ඇගේ දැවටුනු සීතල සුලන් ධාරා වලින් උණුසුම රැක ගනු වස් දුබල වූ ජැකැට්ටුව තවත් තදින් ඇගට තද කර ගතිමි.


වෙනදාට වඩා එලිය අඩුවූ අහස් කුස මත මම යමක් පිරික්සුවෙමි.


" එලිසා ... අ..ද හද... නෑ.... ඔයා.... යි.. මා යි විත ..රයි..."

මහත් ප්‍රවේශමෙන් වීදුරු බෝතලය පසෙකින් තබා මම ඈත ගංදියට නෙත් යොමුවෙමි.....


" එලිසා........ ඔයා.... කව...ද්ද මා....ව ඔ...යා ගා....වට ග..න්නේ......" මෙතන...දි නේ.....ද එලිසා ඔ...යා මගේ දිවි ඇති තෙක්..... ලග ඉන්නවා.... කියලා පොරොන්දු..... උනේ ...


ඒ.ත් ඔයා........ පොරොන්දු.... කැඩුවා....... එලිසා ...."


එ...ලි..............සා


ඔයා පොරොන්දු කැඩුවා..."


ගනදුර අතරින් මට එලිසාගේ මුහුන මැවෙන්නට විය.


.......


" ඉවාන් ඔයා ජීවත් වෙන්න ඕනි........ඉවාන්.... ඔයා ජීවත් වෙන්න ඕනි මයි...."


එලිසා මියයන්නට ටික වේලාවකට කලින් මා හට පැවසූ දෙය මගේ දෑස අභිමුව පිලිරූ වන්නට විය....


" එලිසා...... මම... මේ... ජීවත්වෙනවාද...........කියන්න.... එලීසා ...කියන්න.........."


පරිසරය සීතලෙන් මුසපත් වුවද මා හිත අභ්‍යන්තරය නිරන්තරයෙන් සක්‍රීය වූ ගිනිදියෙන් කැකෑරුනි.


මම නැවත වොඩ්කා බෝතලය දෙස හැරුනෙමි.....

එය නිමා කරනට කාලය පැමිණ ඇත....
....